නුවර එලියේ ගව ඝාතනය තහනම් කරයි..

02/28/2020
මුඛ සහ කුර රෝග පැතිරි යාමේ අවධානමක් ඇති බවට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් කල ලිඛිත දැනුම් දිමක් මත (27) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නුවරඑලිය දිස්ත්‍රික්කය තුල ගව ඝාතකාගාරවල සතුන් ඝාතනය කිරිම වහාම නතර කිරිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක ගාමිණි පෙරේරා මහතා පැවසිය.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නුවරඑලිය , කොත්මලේ , අඹගමුව , වලපනේ , හගුරන්කෙත යන ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම් දි ඇත්තේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකම මේ වන විට මුඛ සහ කුර රෝග පැතිරි යන බවට කරුණ අනාවරණව වි ඇති බවත්, ඒ අනුව මේ රෝගය ව්‍යාප්ත විම වැලැක්විමේ ක්‍රියාවලියක් ලෙස දිස්ත්‍රික් පශු වෛද්‍ය නිලධාරින්ගේ නිර්දේශයන් මත දිස්ත්‍රික්කය තුල සහ දිස්ත්‍රික්කයෙන් පිට තාවකාලිකව සතුන් ප්‍රවාහනය කිරිම අත්හිටුවිමට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදි ගත් තිරණයක් මත නැවත දැනුම් දෙනතුරු සත්ව ප්‍රවාහනය සදහා නිකුත් කරනු ලබන බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙසයි. 
Create your website for free! This website was made with Webnode. Create your own for free today! Get started