යුද අපරාධ චෝදනාවලට සහාය දැක්වීමට කිසිදු සාක්ෂියක් නෑ..

02/28/2020

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට පිළිබඳව නගන යුද අපරාධ චෝදනාවලට සහාය දැක්වීමට ශ්‍රී ලංකා රජය සූදානම් නැති බව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන පැවසීය.මානව හිමිකම් සැසිවාරයේදී මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව යෝජනා කළ දේශීය යාන්ත්‍රණය ප්‍රතික්ෂේප කිරීමට ප්‍රතිචාර දක්වමින් සැසිය හමුවේ ඇමැතිවරයා මේ බව පැවසීය. ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ සාමය සංහිඳියාව සහ වගවීම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරියටත් මානව හිමිකම් කවුන්සිලය සමග මෙරට ව්‍යවස්ථාවට අනුකූලව සහයෝගයෙන් කටයුතු කරන බවයි. 

Create your website for free! This website was made with Webnode. Create your own for free today! Get started